පාණාතිපාතා - මෛත්‍රී හරි - කුඩු මුදලාලි සංගමය කොළඹ තාප්පවල මෛත්‍රී ප්‍රමෝෂන් හා එන්ජීඕ ප්‍රමෝෂන්

රණ දඬුවම නැවත ඇති කිරීමට සූදානම්වීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන අගය කරමින් 'මෛත්‍රී හරි' නමින් මේ වනවිට  කොළඹ පෝස්ටර් ව්‍යාපාරයක් දියත්ව තිබේ. ඒ සමගම මරණ දඬුවමට
විරුද්ධ රාජ්‍ය නොවන සංවිධාන පළ කළා යයි උපකල්පණය කළ හැකි ‘පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ යනුවෙන් දක්වා ඇති පෝස්ටර් ව්‍යාපාරයක්ද දක්නට ලැබේ.

මෙයට පිළිතුරු ලෙසදෝ තවත් ලේබල් වයාපාරයක් අරඹා තිබෙන අතර එහිදී සිදු කර තිබෙන්නේ  ‘පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ පෝස්ටර් මත 
‘අනුග්‍රහය කුඩු මුදලාලි සංගමය’ යන ලේබලය ඇළවීමය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට මෛත්‍රි ප්‍රමුඛ රජය තීරණය කිරීම බොහෝ අයගේ පැසසුමට ලක්ව තිබෙන්නකි.

කෙසේ වෙතත් දැන් ලැබෙන ආරංචි අනුව ඊට දිනයක් තවම නියම කර නැත. මරණ දඩුවම දේශපාලන ප්‍රචාරණයට යොදාගැනීම මෙම පෝස්ටර් තුළින් පෙන්නුම් කර ඇති නිසා බොහෝ අයගේ සැකයට භාජනය වන්නේ මේ කියන මරණ දඩුවම නිශ්චිතවම රටේ ක්‍රියාත්මක වැඩසටහනක් වේද

නැතිනම් ඡන්දයක් කිට්ටුවී කිහිපදෙනෙකු පමණක් මරා එයින් අවසන් වන හුදු ප්‍රචාරණ අංගයක් වේවිද යන්නයි. එවැනි ප්‍රචාරණ වැඩසටහනක් පමණක් නම් මරණ දඩුවම කෙරෙහි වැරදි කරුවන්ගේ බිය ඇති කළ නොහැකිය.
ලෝකයේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන රටවල් 56 අතරට ලංකාව එක්කිරීම සම්බන්ධ කාරණාව තවමත් විවාදයට තුඩු දුන් සංසිද්ධියක් පමණකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment