පාර්ලිමේන්තුවේ මාධ්‍ය කුටි ‍දොරගුළු දමලා

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහා වසර තිස් හතක් තිස්සේ වෙන්කර තිබුණු විවේකාගාර, අය - වැයත් සමඟ
මාධ්‍යවේදීන්ට අහිමිකර ඇත. එම කාමර දෙකෙහි තිබුණු පුටු, මේස සියල්ල ඉවත් කර ‍දොරගුළු දමා ඇත.  පාර්ලිමේන්තු සංකීර්ණයේ සැලැස්මෙහි මාධ්‍යවේදීන් සඳහා ප්‍රමාණවත් ඉඩකඩ සහිත කාමරයක් සහ ඒ ආසන්නයෙහි ඔවුන් සඳහා විවේකාගාර පහසුකම් සපයන ලෙස එවකට සිටි ජනාධිපති
ජේ. ආර්. ජයවර්ධන සැලැසුම් ශිල්පී ජෙෆ්රි බාවා මහතාට ලබාදුන් උපදෙස් අනුව මෙම පහසුකම් සලසා තිබිණි.

මාධ්‍යවේදීන්ගේ විරෝධය නොතකා පාර්ලිමේන්තුවේ ඇතැම් නිලධාරීන් පිරිසක් මේ අන්දමට මාධ්‍යවේදීන් අපහසුවට පත්කිරීමට ක්‍රියාකර ඇත්තේ ළඟදී විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තු සේවකයකුට විශ්‍රාම ගැනීමෙන් පසු කොන්ත්‍රාත් පදනම යටතේ මාධ්‍ය අධ්‍යක්ෂ තනතුරක් නිර්මාණයකර මාධ්‍ය පාලනයක් ඇති කිරීමේ සැලැස්මක ආරම්භයක් බවට තොරතුරු වාර්තා වේ.

නව ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක කිරීමේදී මාධ්‍යවේදීන්ට ලබාදී තිබුණු පහසුකම් අහිමි කර එය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී  ලංකා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමය  විරෝධය පළකරමින් කථානායකවරයා වෙත ලිපියක්ද යවා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment