කසිප්පු පොට් තියනවනම් දැන්ම කෝල් කරන්න 011 3024820


නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක තුනක් හදුන්වාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි
රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අදාළ දුරකථන අංක හදුන්වාදී ඇති බවයි.

ඒ අනුව 011 3024820, 3024848, 3024850 යන දුරකතන අංක ඔස්සේ අදාළ තොරතුරු දැනුම්දීමට හැකියාව පවතියි.

මෙරට ඇති නීති විරෝධි මත්පැන් කඩිනමින් වැටලීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදී ඇති උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment