බාලපචාර කළ ත්‍රීවීල් රියදුරු රිමාන්ඩ් කර සිටියදී අභිරහස් ලෙස මරුදකී


අවුරුදු 15ක් ළාබාල පාසල් යන පිරිමි දරුවකුට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයකු මීගමුව - බන්ධනාගාරය තුළදී මියගොස් ඇති බව සීදුව පොලිසිය ඊයේ (5දා) අධිකරණයට වාර්තා කෙළේය.

මෙසේ මියගොස් ඇත්තේ
සීදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මේ තැනැත්තා වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි. උපකාරක පන්ති නිමවා නිවෙස කරා ත්‍රිරෝදයෙන් වයස අවුරුදු 15ක පිරිමි දරුවකු රැගෙන යමින් සිටියදී මෙම මියගිය පුද්ගලයා 'අපි පොඩි ගමනක් ගිහිල්ලා එමු නේද' කියලා යෝජනා කරමින් එම ළමයා අතුරු පාරක් ඔස්සේ ගෙනයමින් සිටියදී අතවරය සිදුකර තිබුණි. එම ළමයා ත්‍රිරෝදයෙන් පිටතට පැන සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මොහු අත්අඩංගුවට පත් විය.

සැකකාර මියගිය පුද්ගලයා සීදුව පොලිසියේ සැරයන් හේමන්ත (27655) මහතා අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
මෙම සැකකරු මීගමුව බන්ධනාගාරය තුළදී රෝගාතුර වීම නිසා මීගමුව රෝහලට ඇතුළත් කළ බව මීගමුව බන්ධනාගාර නිලධාරීහු පවසති.
ඔහු මියගිය හේතුව පැහැදිලි නැත.
මරණය සම්බන්ධයෙන් මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment