ඉදිරියේදී රැකියාවන්ට බඳවා ගන්නා වයස් සීමා අහෝසි කරනවා-ඇමති එරාන්

රැකියාවන් සඳහා බදවා ගැනීමේදී වයස් සීමා පැනවීමේ නීතිය ඉවත් කරන බව මුදල්  රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට ඊයේ (13දා) පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි. වර්තමානයේදී රැකියාවක් සඳහා
වැදගත් වන්නේ වයස නොව හැකියාව සහ සදාචාරය බවත්, ඒ හේතුවෙන් රැකියාවන් සඳහා යොමුවිය හැකි වයස් සීමා පැනවීම ඉවත් කරන බවත් අමාත්‍යවරයා සදහන් කලේය.
මෙලෙස නීතිය වෙනස් කිරීම තුළ රැකියාවක නිරත වීමට හැකියාව ඇති කාන්තාවන්ටද ශ්‍රම බළකායට එක්වීමට අවස්ථාව උදාවන බවද
ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ආර්ථිකයට කාන්තා දායකත්වට ඉතාම අඩුයි. නමුත් අධ්‍යාපනය ලබන කාන්තාවන් ප්‍රමාණය වැඩියි. කාන්තා ශ්‍රම බළකාය වැඩි කරන්න අවශ්‍ය නීති අපි පසුගිය වසරේදී ගෙනාවා. මවුකිරි දීමේ අයිතිය ලබාදුන්නා. ඒ වගේම ප්‍රසූත නිවාඩු නීතිය වෙනස් කළා. ප්‍රසූත කරන සෑම දරුවෙක් වෙනුවෙන් දවස් 84ක නිවාඩුව මවට ලැබෙන ලෙස නීති වෙනස් කළා. නමුත් පොඩි ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. මේ අයව බඳවා ගන්න පුද්ගලික අංශය අදිමදි කරනවා. ඔවුන්ට වියදම වැඩියි කියනවා. මේ නිසා ප්‍රසූත නිවාඩු වියදමෙන් කොටසක් රජය පියවන්න තීරණය කළා.
එහෙම කළේ කාන්තාවන් ශ්‍රම බළකායට එකතු වීම වැඩි කරන්නයි. යැයි පැවසුවේය.

- චාමර සම්පත්-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment