කැවුමාගේ මොරටු නිවසේ අයට සැකයක් ඇතිවී 119 ට කථාකළත් පොලිසිය ආවෙ නෑලු

යේ සවස මත්ද්‍රව්‍ය විශාල තොගයක් හා අවි ආයුධ සමග කොටුවූ මොරටුවේ රාවතාවත්තේ පිහිටි බව කියන කුලී නිවසේ පාතාලයකු සම්බන්ධ ක්‍රියාකාරකම් සිදුවන බවට ටික කාලයක් තිස්සේ එම නිවස හිමි අයට සැකයක් මතුව තිබුණත් පොලිසිය දැක්වූ දුර්වල ප්‍රතිචාරය නිසා එය කොටු කරදීම පමාවූ බව එම නිවෙස් හිමියා දන්වා තිබේ. මාකඳුරේ මදූෂ්ගේ ලංකාවේ ප්‍රධාන ගෝලයා බව කියන
කැලූම් ඉන්දික සම්පත් නොහොත් “කැවුමා” නමැත්තා යෙදවූ යුවළක් නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකරුට රුපියල් ලක්ෂයක මූලික මුදලක් සපයා පසුව මාස්පතා රුපියල් 25000 ගෙවන පදනමින් නිවස ලබාගෙන තිබූ අතර එම ගනුදෙනු සඳහා මදුෂ්ගේ මුදල් ලබාගෙන යුවළක සමග පැමිණ තිබුනේ කැලුම් ඉන්දිකයි. පසුගියදා දියමන්තිය ඇතුළු අවි ආයුධ හා මත්කුඩු සමග කැවුමා අත්අඩංගුවට ගත් පසු ඔහු ගැන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග පසුගිය සති කිහිපයේ මෙම නිවෙස් හිමියා කැලුම් ඉන්දික හෙවත් කැවුමා යනු තමන් වෙත ආ ගිය පුද්ගලයා නොවේදැයි සැකයෙන් සොයා බලා තිබේ.

මෙම නිවසේ වරින්වර වාහන වලින් පිරිස් විවිධ දේ රැගෙන ගමනාගමනය සිදුවන ආකාරය හා සැකකටයුතු යමක් සිදුවන බවට ලැබී තිබුණ ඉඟි මෙහිදී වඩාත් තීව්‍රවී ඇත. ඒ අනුව වහාම මේ ගැන සොයා බලන ලෙසට 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දුන් බව නිවෙසේ හිමිකරු පවසා ඇත.
නමුත් හිමිකරු පවසන්නේ මන්දගාමී ප්‍රතිචාරයක් එයට ලැබුණ බවත් අපි ඇවිත් බලන්නම් කීවත් ඊයේ වෙනත් හොඩුවාවන් මත පොලිසිය එහි ආවා මිස තමා කළ මුල් පැමිණිල්ල මත කිසිවක් සිදුනොවූ බවයි.

දියමන්ති කොල්ලයට අත්අඩංගුවට ගැණුනු කැළුම් ඉන්දික සම්පත් නොහොත් 'කැවුමා' නමැති අපරාධ කල්ලි සාමාජිකයාට තැන්තැන්වල නිවාස කිහිපයක් කුලී පදනම මත ලබාගෙන තිබී ඇති බවත් ඔහු සිය ජාවාරම මෙහෙයවන්නේ එම නිවාස උපයෝගයෙන් බවත් මාධ්‍ය මගින් පසුගිය දිනවල ප්‍රචාරය කර තිබුණි. මෙම හිමිකරුට සැකය ආවේ ඒ තොරතුරුද ඇසීමෙන් පසුය.

කැවුමාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු යුවළක සමග නවාතැන් ගෙන සිටි බව කියන මොරටුවේ නිවෙස වැටලීමට පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ (11) කටයුතු කළ අතර එම වැටළීමට පදනම් ළුූයේ 119 අංකයට ලැබුණ ඇමතුම නොවීය.

කැලූම් ඉන්දික සම්පත් නොහොත් “කැවුමා” මෙම නිවසේ පහත මාලය කුලියට ගෙන කුලි මුදල් ලබා දී ඇත්තේ මාකඳුරේ මදූෂ් විසින් බවද පාපොච්චාරණය කර තිබුණි. සැකකරු එහි හිමිකරුට රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් ද ලබා දී  මාසික කුලිය රුපියල් 25,000ක් ගෙවා ඇති බවච පසුගිය වසරේ ජූලි මාසයේ සිට මාස 8 ක්ම මෙහි පදිංචිව සිටි බවද අනාවරණයවී ඇත.

කෙසේ වෙතත් ඊයේ වැටළීමෙන් අනතුරුව පොලිසිය පැවසුවේ නිවෙස් කුලියට සපයන අය එසේ පැමිණෙන අය ගැන මීට වඩා සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය බවයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment