හදිසියේ තැන් මාරුකරමින් සිටියදී රයන්ගේ මව පියා සමග නංගී ජීවත්වූ නිවස දැඩි පොලිස් පරීක්ෂාවට

https://www.gossiplankanews.com/2019/03/rayan-van-royan-family-house-police.html
ත්ද්‍රව්‍ය භාවිතය නිසා මේ වනවිට පාතාල පිරිසක් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ටෙලි නළු රයන් වැන්රොයන්ගේ මව පියා සමග නංගී වාසය කරන පානදුරේ නිවස විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට
පොලිසිය ඊයේ කටයුතු කළේ ඔවුනගේ හැසිරීම් පිළිබඳ හටගත් සැකකටයුතු තත්වයක් නිසාය.
රයන්ගේ නැගණියගේ නමට ලබාගෙන ඇය ඇතුළු එම පවුලේ අය පදිංචිව සිටි පානදුර පරන්ත ‍දොළේවත්ත පාරේ පිහිටි මෙම නිවස කුලී පදනම මත ලබාගත් නිවසක් වූ අතර පසුගිය දිනවල ඇතිවූ සංසිද්ධි අතරවාරයේ 

හදිසියේ නිවස අතහැර  වෙනත් කුලී නිවසකට ඔවුන් යාමට සූදානම්වී ඇති බව පැවසේ.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරේන්තුවක් මත පොලිසිය එම නිවස වටළන අවස්ථාවේ එම නිවසේ අය වෙනත් නිවසකට යාමට ලොරි වලට බඩු පටවමින් සිටි බව පැවසේ.
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ රයන් වැන්රෝයන් විවිධ ගනුදෙනුවලට සම්බන්ධ බවට සැක මතුව තිබූ අතර මින් ඉහත රයන් පදිංචිව සිටි දෙහිවල නිවස පරීක්ෂාවේදී  මත්කුඩු කිරන තරාදියක්ද පොලිසියට හමුවී තිබුණි.  මදුෂ්ගේ දියමන්ති සොරකමට අදාළ කෝටි 500 දියමන්තිය මෑතකදී පානදුර කෙහෙල්වත්ත ප්‍රදේශයෙන් හමුවිමට පෙරාතුව ඊට සම්බන්ධයක් ඇති බවට රයන්ගෙන් පොලිසිය කට උත්තරද ලබාගෙන තිබුණි.

මෙම සැකකටයුතු වාතාවරණය හමුවේ පොලිසිය ඊයේ රයන්ගේ නැගණියගේ නිවස පරීක්ෂා කරන්නට යද්දී නැඟණිය ඇතුළු පවුලේ අය එම නිවෙස හැර යෑම සඳහා ලොරියකට නිවෙසේ ගෘහ භාණ්ඩ පටවමින් සිටි බව පොලිසිය කියයි.
සෝදිසි වරෙන්තුව ඉදිරිපත් කර නිවෙස දැඩි පරීක්‍ෂාවට ලක් කර අනතුරුව ලොරියට දමා තිබූ බඩු බාහිරාදිය ද එකින් එක බිමට ගෙන දැඩි සෝදිසියට ලක් කිරීමට පියවර ගත් බවද පැවසේ.
එනමුත් කිසිදු සැකකටයුතු දෙයක් එම අවස්තාවේ හමුවී නැත.

ඔවුන් කුලී නිවෙසින් බැහැරව බඩු බාහිරාදිය රැගෙන යෑම සඳහා යොදාගෙන තිබුණේ වී.අයි.පී. යනුවෙන් ස්ටිකරයක් ප්‍රදර්ශනය කරන ලද ලොරියකින් බවත් එයද සැකයට තුඩු දෙන කාරණයක් බව පොලිසිය කියයි.  පොලිස් නිලධාරීන් ලොරියේ ප්‍රදර්ශනය කරන ලද ස්ටිකරය ඒ මොහොතේම ගලවා දැමීමට පියවර ගැනිණි.
 නිරතුරුවම රාත්‍රි කාලයට සුඛෝපභෝගි මෝටර් රථ මෙහි පැමිණෙන බවත් විදුලි පහන් නිවා දමා උඩු මහලේ (බැල්කනියේ) සාකච්ඡා පවත්වන අයුරු දුටු බව අසල්වාසීන් පැවැසූ බව සෝදිසි වරෙන්තුවට එක් වූ නිලධාරීන් හා එම අසල්වාසීන් පවසා තිබිණි.
නිවස හිමි තැනැත්තා විමසීමේදී  අන්තර්ජාලයේ පළකරන ලද දැන්වීමක් අනුව රයන්ගේ සහෝදරියට නිවෙස කුලී පදනම මත ලබා දුන් බව ඔහු කළ ප්‍රකාශයේ සඳහන් වේ.   ටෙලිනළු රයන් වැන්රෝයන්ගේ නැඟණිය, සැමියා, දරුවා, මව හා පියා මෙම නිවසේ පදිංචිව සිටි බව වාර්තා විය.
පානදුර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment