මරණ දඩුවම දෙන දවස තීන්දු කරා ඒත් දැන්ම කියන් නෑ - මෛත්‍රීපාල

කවුරුන් විරුද්ධ වුණත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම තමන් ක්‍රියාත්මක කරන බව ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන දිනය තමන් දන්නා නමුත් එය දැන්ම ප්‍රකාශයට පත්නොකරන බවද ජනාධිපතිවරයා පවසයි.

මීට විරුද්ධ වන පාර්ශ්ව මෙරට මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට විසඳුම් ලබා නොදෙන බවත් එම නිසා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (6දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment