කතුන්ට වෙන්වූ බස්රථ නැවතත් එයි


කාන්තාවන්ට පමණක් වෙන් වූ බස්රථ සේවාවක් කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඉදිරි සති 02 කාලය තුළ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා ගමනාගමන
මණ්ඩලයේ බස්රථ 25- 30 අතර සංඛ්‍යාවක් පළමු අදියර සඳහා යොදවන බව එම අමාත්‍යාංශය පවසයි.

කොළඹින් ආරම්භ කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ හඳුනාගත් සෙසු නගරවල කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් කාර්යාල වේලාවන් තුළදී එම බස්රථ යෙදවීමට නියමිත බවත් කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර ඇතුළු විවිධ හිංසාකාරී ක්‍රියාවන් හේතුවෙන් මෙම පියවර ගත් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

-සුමන උදයන්ත-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment