රෝහලේ දොස්තර හමුවී දරුවාගේ ලෙඩ කියමින් සිටියදී හදිසියේ මියගිය මව

වයස අවුරුදු 3ක් වූ තම දරුවා වලිප්පුව සෑදී රෝහලට ගෙනැවිත් වෛද්‍යවරයාට පෙන්වා කරුණු
   
කියමින් සිටියදී ඉකුත් 12 වැනිදා
හිටිහැටියේම වැටී මියගිය මවගේ මරණයට හේතුව හෘදයාබාධයක් සෑදී
රුධිරයේ නාළයක ලේ කැටියක් සිරවීමෙන් සිදුවූවක් බවට කන්තලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඒ.එම්.ටී.පී.
අතපත්තු මහත්මිය ඒ පිළිබඳව පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ප්‍රකාශ කර සිටියාය.

 මෙලෙස මියගොස් ඇත්තේ කන්තලේ ආරියවංශ  මාවතේ පදිංචි ඩබ්.ඩී.එම්. ලාලනී දිසානායක (42) නම්
දෙදරු මවකි. වලිප්පුව සෑදී අසාධ්‍යව සිටි දරුවා හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා
දීම සඳහා වෛද්‍යවරුන් සූදානම් වී මවගෙන් සිද්ධිය විමසීමේදී මව ක්ලාන්තව බිම  ඇද වැටී එකෙනෙහිම
මිය ගොස් ඇති අතර දරුවා  මේ වන විට නිවසේ පියා සමඟ සිටින අයුරු අපට දැකගත හැකිය.

 කන්තලේ මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පො.සැ. ටියුබට් (26675)  මහතා පරීක්ෂණ
මෙහෙයවයි.

කන්තලේ - ඩබ්ලිව්.එම්. වික්‍රමසිංහ


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment