ලංකා හොස්පිටල් රෝහලේ පුටුවල මකුළුන් පීඑච්අයි අල්ලයි


නාරාහේන්පිට ලංකා හොස්පිටල් රෝහලේ බාහිර රෝගී අංශය රෝගීන්ට වාඩිවිමට ලබාදී තිබූ පුටුවල මකුණන් බෝවී ඇති බවට ලැබුණු තොරතුරක් මත කොළඹ මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය විසින්
කරන ලද හදිසි පරික්ෂාවකින් පසු, එම මකුණන් බෝවි තිබූ පුටු කිහිපයක් වහාම ඉවත් කිරීමට පියවර ගත් බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා  ඊයේ (14) පැවැසිය.

මෙහිදී එම රෝහල් පාලනාධිකාරියට තදින් අවවාද කොට යළිත් වරක් මෙවැනි තත්වයක් ඇති වුවහොත් නීතිමය පියවර ගන්නා බව දැනුම් දුන් බවද ඔහු කීය.

මෙම පරික්ෂණයෙන් පසු බාහිර රෝගී අංශයට වෙනත් පුටු ලබාදීමටත් මකුණන් සිටි පුටුවලට රසායනික ඉස එම පුටු ඉවත් කිරීමටත් පියවර ගත් බව හෙතෙම සඳහන් කළේය.

මෙම පරික්ෂාවට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය අංශයේ නැගෙනහිර කොළඹ ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී ඉෂාණි ආරියචන්ද්‍ර මහත්මිය ඇතුළු කණ්ඩායමක් සහභාගි වූ බව ඔහු  සඳහන් කළේය.
මේ සමග පළව්නනේ සමාජ මාධ්‍ය තුළ පළවූ මකුණන් සහිත පුටුවල චායාරූපයි.

(ප්‍රියන්ත සමරකෝන්)



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment