කොකේන් ගැසූ නිළිය ශානිකාව සොනාලි ටීචර්ට පටලවලා

https://www.gossiplankanews.com/2019/03/sonali-teacher-shanika-maduwanthi.html
සුගිය සතියේ මාතර මිරිස්ස හෝටලයක පැවති ෆේස් බුක් සාදයක් පොලිසිය මගින් වැටළීමකදී ශානිකා මධුවන්ති නමැති ටෙලි නිළියක හසුවූ බවට වාර්තා පළ විය. ඇය ටෙලි නිළියක ලෙස නම් කර තිබුනේ මාතර ප්‍රාදේශීය වාර්තාකරුවන් විසිනි.ශානිකා මධුවන්ති ගැන වාර්තා කිරීම අන්තර්ජාලයේ ෆේස් බුක් පිටු වෙබ් අඩවි හා යූටියුබ් ගොසිප් අඩවිවලට ඉතා උණුසුම් පුවතක් වන්නට ඉඩ තිබුණි.
නමුත් එවැනි නිළියක ගැන වැඩි තොරතුරක්
අන්තර්ජාලයේ පළවී නැත.
මේ අතරවාරයේ එම මාධ්‍ය හසුරුවන ඇතැමුන් ශානිකා මධුවන්ති කවුදැයි ෆෙස්බුක්හි නම ගසා සෙවූ බවත් වාර්තා විය. එසේ සොයද්දී විවිධ වෘත්තීන්හි නම් සඳහන් කරමින් කිහිපදෙනෙකු සිටි අතර තමා නර්තන ශිල්පිනියක යයි හඳුන්වමින් එක් තැනැත්තියක සිටින බව හදුනාගන්නට ලැබී තිබේ.
ඇය මේ කියන ශානිකා මධුවන්ති යයි අනුමාන කර පරීක්ෂා කිරීමේදී එහි ප්‍රොෆයිල් ඡායාරූපය ලෙස භාවිත කර තිබුනේ

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සොනාලි ටීචර්ගේ චරිතයට පණපොවන හිමායා බණ්ඩාරගේ ඡායාරූප බව හඳුනාගන්නට ලැබී තිබේ.
(ඇතැමුන් තමන්ගේ ඡායාරූප වෙනුවට ප්‍රසිද්ධ නිළියන්ගේ නළුවන්ගේ ඡායාරූප යොදාගැනීම සුලබය)

කෙසේ වෙතත් මෙම සරල කාරණාව තේරුම් ගැනීමට නොහැකිවූ කිහිප දෙනෙකු හිමායා බන්ඩාරට ඇමතුම් ලබාදෙමින් කොකේන්  ගැසුවේ ඇයදැයි විමසා තිබේ. තමා දන්නා ශානිකා කෙනෙකු නැති බවත් තමා හිමායා බවත් ඇය පිළිතුරු සපයමින් අවධාරණය කර තිබේ.

 දිගින් දිගටම අනවශ්‍ය ලෙස ඇමතුම් ලබාදෙන මාධ්‍ය ගැන ඇයට ඇතිව තිබෙන්නේ කළ කිරීමකි. මේ නිසා තමන්ට සිදුවූ අපහසුතාව හේතුවෙන් කෝපයට පත් හිමායා ෆේස් බුක් ලයිව් ඇවිත් ඔවුන්ට හොඳට දෙහි කපා තිබෙන අතර තවදුරටත් කරදර කරන්නේ නම් නීතිය හමුවට යන බවද පවසා තිබේ.

තම ගිණුම ඔස්සේ ඇය මේ ගැන පණිවිඩ කිහිපයක්ද නිකුත් කර තිබේ.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment