මැංගුස් සටනේ ජය කළුතර මහා විද්‍යාලයට: තරගාවලියේ වීරයා නායක කවිදු ජයවික්‍රම.


කළුතර මහා විද්‍යාලය සහ තිස්ස මාධ්‍යය මහා විද්‍යාලය  අතර 61 වැනි වරටත් සංවිධනය කරන ලද මහා ක්‍රිකට් ගැටුම, මැංගුස් සටන පසුගිය මාර්තු 29,30,31 යන දිනයන්හිදි මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී කළුතර මහා විද්‍යාලයට තියුණු  ජය අතකර දෙමින් අති සාර්ථකව අවසන් විය.

මෙම තරගාවලිය මාර්තු 29,30 යන දිනයන්හි ටෙස්ට් තරගයද, 31 වන දින එක්දින තරගයද පැවැත්විණි.මෙහිදී ටෙස්ට් තරගයේ පළමු ඉනිම සදහා කළුතර තිස්ස විද්‍යාලය සියලුදෙනා දැවී ලකුණු 145 ක් ලබාගත් අතර කළුතර මහා විද්‍යාලය කඩුලු 10 කදී ලකුණු 166 ලබා ගැනීමට සමත් විය. දෙවන දිනයේදීද  සියළු දෙනාම දැවී කළුතර තිස්ස විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 126ක් පමණි. ඊට පිළිතුරු වශයෙන් කඩුලු 5ක් දැවී ලකුණු 114 ක් ලබා දිනය අවසානයේ ටෙස්ට් තරගයේ කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක කවිදු ජයවික්‍රමගේ නායකත්වයෙන් යුත් කළුතර මහා විද්‍යාලය සමත් විය.එම තරගයේ හොදම පන්දු යවන්නා ලෙස ඉනිම් දෙකෙහිම  කඩුලු 8ක් හිමිකර ගත් කළුතර විද්‍යාලයේ නායක කවිදු ජයවික්‍රමට හිමි විය. හොදම පිතිකරු ක්‍රිශාන් වීරංග (කළුතර මහා විද්‍යාලය) හොදම පන්දු රකින්නා ඔෂේම් නිව්රෝද (තිස්ස විද්‍යාලය)තරගයේ වීරයා මිහිදී පැහැසර (කළුතර විද්‍යාලය).

මැංගුස් සටනේ තෙවන දිනය වෙන් වුයේ එක්දින තරගය සදහාය. එහිදී කාසිය වාසිය දිනාගත් කළුතර මහා විද්‍යාලයේ නායක කවිදු ජයවික්‍රම පන්දුවට පහර දීමට තිස්ස විද්‍යාලයට අවස්ථාව ලබා දුන් අතර තිස්ස විද්‍යාලය සියළු දෙනා දැවී ඕවර් 39.2 කදි ලබාගත හැකි වුයේ ලකුණු 147 පමණි. ඊට පිළිතුරු වශයෙන් කළුතර මහා විද්‍යාලය විශිෂ්ඨ දස්කම් පෙන්වමින් කඩුලු 03 කට ඕවර් 36.4 කදී විශිෂ්ඨ ජයක් හිමිකර ගත්හ. තරගයේ ජයග්‍රහණය සඳහා කළුතර විදුහලේ නායක කවිදු ජයවික්‍රමගේ විශිෂ්ඨ පන්දු යැවීම සහ විශිෂ්ඨ පිතිහරබයත් සමග ඔහු එක්දින තරගයේ අර්ධ ශතකයක්ද කඩුලු 4 ක්ද දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්හ. හොදම පිතිකරු සම්මානයද කළුතර විද්‍යාලයේ නායක කවිදු ජයව්ක්‍රම හිමිකරගත් අතර හොදම පන්දු යවන්නා දිලීප අරුනොදය (කළුතර මහා විද්‍යාලය) හොදම පන්දු රකින්නා විශාර සස්විත (කළුතර මහා විද්‍යාලය). මෙම තරගාවලියේ තරග දෙකෙහිම ජය කළුතර මහා විද්‍යාලය අත්පත් කර ගනිමින් 61 වන මැංගුස් සටන සාර්ථකව අවසන් විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment