
මේනකා අන්තර්ජාලයේ බොහොම ජනප්‍රියයි නේද?
ඔව්. සාමාන්‍ය කෙනෙකුගෙ විස්‌තර, ඡායාරූප අන්තර්ජාලයේ පළ උනාට ජනප්‍රිය වෙන්නේ නෑනේ. මට යමිකිසි ජනප්‍රියත්වයක් තියෙන නිසානෙ එහෙම වෙන්නේ. මං ගැන කතා වෙන්නේ.
ඔබ ඔබේ ජනප්‍රියත්වය රැක ගන්නද අන්තර්ජාලයට ඡායාරුප එකතු කරන්නේ?
නෑ මම එහෙම කරන්නේ ජනප්‍රියත්වය ලබාගන්න නෙමෙයි. නිළියක් හැටියට නෙමෙයි සාමාන්‍ය කෙනෙක් විදිහටත් ඒක මගේ ආශාවක්. මගේ සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් මම කට්‌ටියත් එක්‌ක බෙදාගන්නවා. එච්චරයි.
සමහරු අන්තර්ජාලය පාවිච්චි කරන ආකාරය නිසා සියලුම රංගන ශිල්පීනියන් දිහා සමාජය වපර ඇහින් බලනවා නේද?
ඒක තමන්ගෙ වගකීමක්. තමන්ව ආරක්‍ෂා කරගැනීම තමන්ගෙ වගකීම. රංගන ශිල්පිනියක් එහෙම කරනවා කියන දේ මට හිතා ගන්න අමාරුයි. විවිධ ඡායාරූප ගැන කතාවෙනවා. නමුත් මම ඒaවා දැකල නෑ. යම් රංගනයක් වෙනුවෙන් කරන කැපවීමක් විදිහට එහෙම කරනවා නම් ඒකෙ වරදක් නෑ. නිකං එහෙම ඒවා දානවා නං ඉතිං වැරදියි.
මේ දිනවල ඔබේ ඡායාරූප මිලදී ගන්න කියලා SMS පණිවිඩයක් ජංගම දුරකථනවලට ලැබෙනවා නේද?
ඒක අර "ස්‌ටාර්ෆේරරන්ඩ්ස්" කියන සමාජ වෙබ් අඩවියකින් එවන එකක්. ඒකෙ මම විතරක් නෙමෙයි ලංකාවේ හුඟාක් නළු නිළියො ඉන්නවා.
තමන්ගෙ රසිකයන්ට ඡායාරූප දීල මුදල් ලබාගන්න එක ගැන ඔබ මොකද හිතන්නේ?
මම ඒකෙ වරදක් දකින්නේ නෑ. මොකද අපි කරන්නෙම ඒකනෙ. දැන් බලන්න මගේ අදහස් ඔයා එක්‌ක බෙදා ගනිද්දී මට මුදල් නොලැබුණාට ඒවත් මුදලට විකිණෙනවනේ. අපි නාට්‍යයක රඟපෑවත් මුදලට විකිණෙනවා. ඉතිං ඡායාරූපයක් රසිකයන්ට විකිණෙනවා කියන එකේ වරදක් නැහැ.
මේනකා ගොසිප්වලට උත්තර දෙන්න යනවාද?
කවදාවත්ම නෑ. මම පත්තරේට ඉන්ටර්වීව් එකක් දෙන්නෙත් හොඳට හිතලා බලලා. මම ගොසිප්වලට සැලෙන්නෙවත්, ගොසිප්වලට උත්තර දෙන්නවත් යන්නේ නෑ.
අන්තර්ජාල ඡායාරූප අතර යුරේනිත් හුඟාක් ජනප්‍රියයි නේද?
ඒ ගැන නං මං දන්නේ නෑ. මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. නමුත් මම සමාජ වෙඩ් අඩවිවලට පෞද්ගලිකව වැඩි කැමැත්තක් නෑ. මම FB එකේවත් නෑ. නමුත් මම FB පේඡ් එකක් තියාගෙන ඉන්නවා. හේතුව මගේ රසික රසිකාවියන්ට මාත් එක්‌ක සම්බන්ධ වෙන්න තියෙන එකම තැන ඒක හින්දා.
ඔබ FB එක පාවිච්චි කරන්නේ රසිකයෝ එක්‌ක කතා කරන්න උනාට සමහරු ඒක පාවිච්චි කරන්නෙ වෙන වැඩවලටනෙ.
ඒක ඉතිං එක්‌කේකෙනාගෙ පෞද්ගලිකත්වය. ඇත්තටම මට අයිතියක් නැ තව කෙනෙක් ගැන කතා කරන්න. එක එක්‌කෙනා අන්තර්ජාලය දකින විදිහ වෙනස්. මම දකින විදිහ වෙනස්. මම උත්සාහ කරන්නේ තමන්ගෙ වෘත්තිය ගෞරවය රැකෙන විදිහට නිතරම ඉන්න.
යුරේනි කියන්න ඕන දේ කෙලින්ම කියන්නේ සමාජයේ කැපිලා පේන්නද?
අපෝ නෑ. මම හැමදාම කෙලිං කතා කරන කෙනෙක්. මම කිසිම කෙනෙක්‌ගෙන් යෑපෙන්නේ නෑ. මම කිසිම කෙනෙකුට බය නෑ. මම මගේ කකුල් දෙකෙන් තනිවම නැගිට්‌ට කෙනෙක්. මම දකින දේ හරි හෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් මම හරි කියලා හිතන දේ කරනවා.
ඔබේ නමිනුත් SMS එකක් එනවා ඡායාරූප මිලදී ගන්න කියලා.
ආ. . . . ඒක අපේ "ස්‌ටාර් ප්‍රෙන්ස්‌ඩ්ස්" කියලා එකකින් තමයි කරන්නේ. මෙච්චර කල් අපේ රසිකයන්ට අපිත් එක්‌ක කෙලින්ම සම්බන්ධවෙන්න විදිහක් තිබුණෙ නෑ. මේක හරහා අපේ රසිකයන්ට අපිත් එක්‌ක කෙළින්ම සම්බන්ධවෙලා අදහස් හුවමාරු කරගන්න ඉඩ තියෙනවා.
රසිකයන්ට ඡායාරුප විකුණලා සල්ලි ගන්න එක වැරදියි කියලා හිතෙන්නේ නැද්ද?
ලෝකෙ තියෙන හුඟාක් සුභාසධාන ආයතනත් මුදල් උපයලා තමයි ජනතාවට සේවය කරන්නේ. මෙතනදී ස්‌ටාර් ප්‍රේන්ඩ්ස්‌ලා කරන්නේ අපිවයි අපේ රසිකයන්වයි එකතු කරලා උදව්වක්. ඉතිං ඒ වෙනුවෙන් මුදලක් අයකරනවා. ඔවුන් ඒ කටයුත්ත වෙනුවෙන් වෙහෙසෙනවා. ඉතිං ඒ වෙනුවෙන් මුදලක් අයකරාට වරදක් නෑ.
යුරේනි ගොසිප්වලට බයද?
මම ගොසිප්වලට බය නෑ.
(දිවයින පුවත්පත ඇසුරෙනි)
0 comments :
Post a Comment