සම්බන්ධන් දෙමළ ජනයා වෙනුවෙන් සාධාරණත්වයක් ඉල්ලයි

සම්බන්ධන් දෙමළ ජනයා වෙනුවෙන් සාධාරණත්වයක් ඉල්ලයි

යුද්ධයෙන් පීඩාවට පත්වී සිටින උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් සාධරණත්වය ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් බව දෙමළ ජාතික සන්ධාන නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඉඩම් නිදහස් කිරීම, නැවත පදිංචි ජනතාවගේ ජන ජීවිතය සංවර්ධනය කිරීම වැනි කටයුතු ඉතා ඉක්මනින් සිදුකළ යුතු බවයි.

මෙරට සංචාරයක නිරතව සිටින සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන රීටා අයිසැක් මහත්මිය ඊයේ (19) පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතවරුන් මුණගැසී සාකච්ඡා කළ අතර එහිදී ආර්.සම්බන්ධන් මහතා මෙම අදහස් පළ කර තිබේ.

මෙම සාකච්ඡාවේදී රීටා අයිසැක් මහත්මිය ප්‍රකාශ කොට ඇත්තේ මෙරට සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමු කොට කටයුතු කරන බවයි.

මේ අතර දෙමළ ජනතාව දැනට මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන්ද රීටා අයිසැක් මහත්මිය සහ දෙමළ ජාතික සන්ධාන නායකයා අතර සාකච්ඡා වී තිබේ.

එම අවස්ථාව සඳහා දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget