කුවේටයේ කසිප්පු ඉස්කාගාරයක් පවත්වාගිය ශ්‍රී ලාංකික කාන්තාව කොටුවේ

කුවේටයේ කසිප්පු ස්කාගාරයක් පවත්වාගිය
ශ්‍රී ලාංකික කාන්තාව බඩුත් සමග කොටුවේ


ඉතාම විධිමත් ආකාරයට පෙරන යන්ත්‍ර,බැරල්, ප්ලාස්ටික් බෝතල් හා උපකරණ අසුරා කාලයක් තිස්සේ කුවේටයේ ෆයිහා ප්‍රදේශයේ ශ්‍රී ලාංකික කාන්තාවක විසින් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් එරට ආරක්ෂක අංශ මගින් කොටු කරගෙන තිබෙනවා.
ඇය හසුවන අවස්ථාවේ මත්පැන් බැරල් 10 ක්,  බෝතල් 400 ක්, ආසවනය කරන පොම්ප 13 හා
අමු ද්‍රව්‍ය තොගයක් හමුවූ බව කුවේට් මාධ්‍ය වාර්තා කර තිබේ.


එම ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ලාභයට විකුණන තැනක් ගැන ලැබුණ හෝඩුවාවක් මත කුවේටයේ අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යශය නිලධාරීන් පිරිසක් කඩා පැනීමේ මෙහෙයුමක යොදවා මෙම තොගය අත්අඩංගුවට ගන්නට හැකිව ඇත.

හසුවූ සියලු මත්පැන් රාජසන්තක කළ බවත් කාන්තාව අත්අඩංගුවට පත්වූ බවත් වැටලීම සිදු කළ මේජර් ජෙනරාල් ඉබ්රාහිම් අල් ටරා දන්වා ඇත.

මෙම පුවත මේ වනවිට අරාබිකරයේ බොහෝ මාධ්‍ය තුළ ප්‍රචාරයවී තිබෙන අතර මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් මේ නිසා අපකීර්තියට ලක්ව ඇත.

එම ස්ථානයේ ලබාගත් ඡායාරූප පහතින්



Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget