ලකුණ හංසයා : අගමැති සජිත්.

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව පුළුල් සන්ධානයකින් ඉදිරිපත්වීමට නියමිත අතර එහිදී හංසයා ලකුණින් තරග කිරීමට පොදු එකඟතාවක් පවතින බව වාර්තා වෙයි.

මෙම එකඟතාව ඇතිව තිබෙන්නේ අද (10) අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදීය.

එහිදී මහ මැතිවරණය සඳහා  අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස යෝජනා වී ඇති බවත් එසේම 2019 ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නම් කිරීමටත් යෝජනා වී ඇත.

වැඩිදුරටත් ලැබී ඇති තොරතුරු වලට අනුව අද පැවති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී මතුව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධව අවධානය යොමුකරන අතර තුර ජනාධිපති සිරිසේන කැඳවා ඇති මහ මැතිවරණය කෙරෙහිද අවධානය යොමුව ඇත. එහිදී සුජීව , හර්ෂණ රාජකරුණා මෙන්ම හරීන් ප්‍රනාන්දු යන මැති ඇමතිවරුන් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය සඳහා දැනෙන වෙනසක් සහිතව ඉදිරිපත් වියයුතු බවය.

අප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එහිදී මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අගමැති අපේක්ෂකයා කිරීමට ඇති කැමැත්ත එහිදී ප්‍රකාශවී  ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment