අත්තදස්සි හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මේ බව සඳහන් කරයි.
ගලගම අත්තදස්සි හිමියන් ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ඇති කිරීම උදෙසා කැපවී කටයුතු කළ හිමිනමක් මෙන්ම ශ්‍රී ලංකාව හා චීනය අතර සහයෝගිතාවය වර්ධනය කිරීමට කැපවූ බවද එහි දැක්වෙයි.
උන්වහන්සේගේ හදිසි අපවත්වීම ගැන සැලවීමෙන් පසුව චීන රජය දැඩි කනගාටුවට පත්වූ බවද එම පණිවුඩයේ සඳහන් වෙයි.
ඒ අනූව ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට ඇතුළු සමස්ත රටවාසීන්ට මේ අවස්ථාවේදී කනගාටුව පළ කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Adaderana
0 comments :
Post a Comment