සීදූවේ නයිට් ක්ලබ් එකක් ළඟ සෙට් එකක් මරාගත්ත හැටි -CCTV


සීදුව - ලියනගේමුල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලියනගේමුල්ල ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණයෙක්. මොහු තවත් මිතුරෙකු සමඟ අදාළ රාත්‍රී සමාජ ශාලාවට ගොස් තිබෙනවා.


එහිදී රාත්‍රී සමාජ ශාලාවේ සිටි ආරක්ෂක නිලධාරියෙකු මෙම පහරදීම සිදුකර ඇති බව සදහන්. නමුත් මෙම සමාජ ශාලාවේ නිලධාරියෙකු අප සමඟින් පැවසුවේ එලෙස පහරදී ඇත්තේ සමාජ ශාලාවේ ආරක්ෂකයෙකු නොවන බවත් එය සිදුකර ඇත්තේ සිද්ධිය වූ ස්ථානයේ සිටි ත්‍රී විල් රථ රියදුරෙකු බවත්ය.

සිද්ධිය පිළිබදව පොලිස් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ වී ඇති අතර අදාළ රාත්‍රී සමාජ ශාලාවේ තිබූ CCTV කැමරා දර්ශන පිළිබදවයි එහිදී අවධානය යොමු වී ඇත්තේ.

මොහු සීදුව රෝහලට පළමුව ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මිය ගොස් ඇත්තේ.

සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝව පහතින්.....


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment