පූස් පැටියා අල්ලන්න ගෙට ආව දැවැන්ත පිඹුරෙකුට වෙට්ටු දැමූ අනුරාධපුරේ අනුර - Photos

නිවසේ ඇති කරන සුරතල් බළල් පැටවෙකු ගිල දැමීම සඳහා ගෙවත්තට පැමිණ සිටි විශාල ප්‍රමාණයේ පිඹුරෙකු අල්ලා වන ජිවි නිළධාරින් වෙත බාරදිමට නිවස හිමි උප පොලිස් පරික්ෂකවරයෙකු වන අනුර නැමැති මහතා අද (09) කටයුතු කරනු ලැබිය

ඊයේ (08) රාත්‍රියේ හොදින් වැඩුණු අඩි හතන් පමණ දිගැති මෙම පිඹුරා අනුරාධපුර උණගස්වැව පිහිටි උපපොලිස් පරික්ෂකවරයාගේ නිවසට පැමිණ බළල් පැටවා අල්ලා ගැනීමට සුදානම් වද්දි නිවසියන්ට උරගයෙකු පිඹින හඬ ඇසි ගෙවත්ත පරික්ෂා කර තිබේ.

ඒ අවස්ථාවේ පිඹුරා අසල වූ තුඹසකට රිංගා ගැනිමට උත්සහ දරද්දි මහත් පරිශ්‍රමයක් දරා පිඹුරා ඉන් පිටතට ගෙන තිබේ. පිඹුරා මාර්ගයට ගෙන ගොස් දැමුවහොත් අනතුරක් සිදුවිමට ඉඩ ඇති නිසා ඒ මහතා ඥාතින් සමඟ එක්වි පිඹුරා බැරලයක් තුලට දමා වන ජිවි නිළධාරින්ට බාරදිමට කටයුතු කර තිබේ




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment