මම පැනල ගියේ නෑ – සයිටම් දොස්තර සමීර


“සයිටම්” පෞද්ගලික රෝහලේ විධායක අධ්‍යක්‍ෂ වෛද්‍ය සමීර සේනාරත්න පසුගියදා වෙඩි තැබීමේ සිද්ධියට ලක්වීමෙන් අනතුරුව දැන් රුසියාවට විදේශගතවීම සම්බන්ධයෙන් සමාජයේ පැතිර ඇති කථා ගැන අදහස් දක්වා තිබේ. ඔහු මෙසේ ඒ ගැන
කියා සිටියේය.
“මම රුසියාවට ගියේ තනිවම නොවේ “සයිටම්”
එකේ තවත් කීප දෙනෙකුත් මා සමග පැමිණියා. මෙම ගමන කලින් යොදාගත් එකක්‌. සිද්ධියෙන් පස්‌සේ මම රුසියාවට පැනලා ගිය බවට විරුද්ධවාදීන් ප්‍රචාරය කරනවා. රුසියාවට යැම සඳහා මා කටුනායක ගුවන්තොටුපළට එනතෙක්‌ මට මුල්ලේරියාව පොලිසියෙන් ආරක්‍ෂාවත් සලසා දුන්නා. මිනිහෙක්‌ කරදරයකට පත්වුණාට පස්‌සේ මඩ ගහනවා. නොයෙකුත් දේවල් කියනවා. සමාජය ගැන පුදුම කනගාටුවක්‌ දැනෙනවා.රුසියාවට ගිය රාජකාරිය අවසන් කරලා තව දින කිහිපයකින් අපි ශ්‍රී ලංකාවට එනවා. ඕනෑම පොලිස්‌ පරීක්‍ෂණයකට මුහුණ දෙනවා.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment