'එතුමට පුදුම අසනීපයක් තිබිලා' - මහින්ද ගැන චන්ද්‍රිකා කියයි

'එතුමට පුදුම අසනීපයක් තිබිලා' - මහින්ද ගැන චන්ද්‍රිකා කියයි

පසුගිය ආණ්ඩුව සමයේ රාජපක්ෂවරුන් තමා පිළිබඳ භීතියකින් පසු වූ බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය. 

එම රජයේ කැබිනට් අමාත්‍යවරුන් පවා දැඩි පීඩනයකින් කටයුතු කළ බව අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඇය මේ බව කියා සිටියේය.

එහිදී හිටපු ජනපතිනිය මෙසේද සඳහන් කළාය.

“මේ රගර් ගහලා ඉවර වෙලා බහින් බස් වුණා කියලා මොකෙක්ද කෙල්ලො වාගයක් සම්බන්ධව ප්‍රශ්ණයක් වුණා කියලා මරලා දැම්මනෙ. කවුද මරලා දැම්මේ කියලා තමුන්නාන්සේලා ලඟදී දැනගනී. ජනාධිපතිවරයාව විවේචනය කෙරුවා කියලා මහ පාරේ මහ මද්දහනේ ඝාතනය කෙරුවා පත්‍රකලාවේදියෙකු. රජයේ ප්‍රධාන ඇමැතිවරුන්ගේ නිදහසත් විනාශ කෙරුවා. දෙන්නෙක් එකතුවෙලා හැන්දෑවට පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙන සන්තෝසෙන් හිටියනම් ඇමැතිවරු දෙන්නෙක්. පහුවෙනිදට කෝල් එකක් එනවලු ලොක්කගෙන් මොනවද තමුසෙලා කතා කළේ මට බැන්නද. එතුමට පුදුම අසනීපයක් තිබිලා තියෙන්නේ.“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment