උසාවියේ ටයිපිස්ට අතවර කළ නිසා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්


උසාවියේ ටයිපිස්ට අතවර කළ නිසා
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

මින් ටික දිනකට පෙර ප්‍රකටවූ ‘උසාවිය නිහඬයි‘ වාර්තා චිත්‍රපටය මගින් කියැවුනේ මහේස්ත්‍රාත්වරයෙකු සිරකරුවන්ට ඇප දෙන්නට ඔවුනගේ බිරියන් දූෂණය කරන ලද සංසිද්ධියකි.
මේ කාලයේත් නීතිය පසිඳින අධිකරණ ක්ෂේත්‍රයේ අය නීතියට පටහැනි විවිධ දේ සිදු කරති. තරුණියකට අතවර කිරීමේ සිද්ධියක් ඔප්පුවීම නිසා
ප්‍රධාන මහෙස්ත්‍රාත් වරයෙකුගේ වැඩ තහනම් කිරීමට
අධිකරණ සේවා කොමිෂන් සභාව පෙරේදා තීන්දු කිරිමද එවැන්නකි.
බණ්ඩාරවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් ධූරය හෙබවූ විශ්වන්ත ප්‍රනාන්දු සිය මහේස්ත්‍රාත් නිල කාමරයේදී එම අධිකරණයේ සේවයේ නිරත යතුරු ලේඛිකාවගේ අතින් ඇද ඇය අසරණභාවයට පමුණුවා අතවර කිරීම මෙයට මුල්වූ සිද්ධියයි.
පසුගිය දෙසැම්බර් මාසයේ අග දක්වා ත්‍රීකුනාමලයේ සේවය කළ බව කියන මෙම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බණ්ඩාරවෙල සේවයට පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි 1 වනදාය. ඔහු පැමිණි දා සිට මේ කිය යතුරු ලේඛිකාව දෙස වපරැසින් බලා සිටි බව පැවසුණි.සතියක් දෙකක් ගතවූ පසු දිනෙක අවස්ථාවක් බලා මෙම අතවර උත්සාහය සිදු කර තිබේ.
සිද්ධියවූ දිනයේ ඇය රාජකාරී කටයුත්තක් සඳහා මහේස්ත්‍රාත්වරයා සිටි කාමරයට ඇතුළුවී තිබෙන අතර එම අවස්ථාවේ කෑගහන්න එපා යයි බියවද්දා කාමරයේ දොර වසා ඇයගේ අතින් ඇද මෙම අතවර උත්සාහය සිදුකර තිබේ.
සිද්ධියෙන් අසරණභාවයට පත්වූ යතුරු ලේඛිකාව පසුව සිද්ධිය අධිකරණ සේවා කොමිසමට සැල කිරීමට තරම් නිර්භීතව  තිබෙන අතර සිද්ධිය යටපත් නොකර පරීක්ෂණ පවත්වන්නට එම නිලධාරීන්ද නිර්භීතවී තිබේ.
පෙරේදා 7 වනදා සිට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ වැඩකහනම් කර තිබෙන අතර ඒ වෙනුවට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ධූරයට එන්ගපීගගුණසේකර මහතා පත්කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment