ඇමරිකානු විලාසිතා පාරිභෝගිකයෝ ට්‍රම්ප් දියණියගේ නිෂ්පාදන වර්ජනය කරති

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර හිමි දියණිය ඉවන්කා ට්‍රම්ප් ඇගේ නමින් එරට නිෂ්පාදනය කරනු ලබන ඇඳුම් විලාසිතා ඇතැම් පාරිභෝගිකයින් දිගින් දිගටම වර්ජනය කිරීම හේතුවෙන් අධික පාඩු ලබා ඇත.

ඇඳුම් මිලට ගැනීම

නවතා දැමීමෙන් නොනැවතී ඒවා අලෙවි කරන සාප්පුද වර්ජනය කරන්නට ඇතැමුන් පෙළැඹීම නිසා මේ වනවිට වෙළෙඳ පොළේ අවුල් සහගත තත්වයක් ඇතිව තිබේ. සංක්‍රමණීකයින්ට ට්‍රම්ප් පැනවූ නීති මෙම වර්ජනයට හේතුවයි.
මේ නිසා ඇමරිකාවේ විශාලතම විලාසිතා අලෙවි ජාලය වන Nordstrom සිය පාරිභෝගිකයන්ගේ බලකිරීම මත ‘ඉවන්කා ට්‍රම්ප්‘ නිස්පාදන අලෙවි නොකරන්නට තීරණය කර තිබේ.
ඔවුන් පවසන්නේ සිය යාවජීව සාමාජිකයින් ඉවන්කා නිෂ්පාදන අලෙවි කරන්නේ නම් සාමාජික කාඩ්පත් වලින් ඉවත්වන බවට දන්වා තර්ජනය කිරීම මෙම තීරණයට හේතුවූ බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment