අතවරයට පත් බාලවයස්කාරියකට ස්ථිර උපත් පාලන සැත්කමක්


අතවරයකට ලක්වු බාල වයස්කාර දැරියකට හම්බන්තොට රෝහලේදී ස්ථිර උපත් පාලන සැත්කමක් සිදුකර

ඇතැයි කියන සිද්ධියක්
පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට සහ වෛද්‍ය සභාවට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය
නියෝගයක් ලබාදී තිබේ.
අතවරයට ලක්වූ බව කියන දැරියක් වැල්ලවාය මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු කේසර සමරදිවාකර හමුවට
ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබාදී ඇත.
ඇයගේ වම් අතෙහි උඩ බාහුවෙහි විශාල වෙළුම් පටියක් යොදා තිබූ නිසා මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව විමසීමේදී දැරිය කියා තිබෙන්නේ හම්බන්තොට රෝහලේදී තමාට උපත් පාලන සැත්කමක් සිදුකළ බවයි.
තණමල්විල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම බාලවයස්කාර දැරිය අතවරයකට ලක්ව ඇති බවට හෙළි වී තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment