මළගෙදර බඹර ප්‍රහාරයක්‌ නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස්‌ ලූ ලූ දුවති

නාවලපිටිය ග්‍රීන්වුඩ් වත්තේ මිය ගිය කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් මළ සිරුර වළ දමමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්‌ එල්ල වීමෙන් එම මළ සිරුර බාගෙට වළ දමා පිරිස හිස්‌ ලූ ලූ අත දිව ගොස්‌ ඇත.
බඹර ප්‍රහාරයට
ලක්‌වූ විසි දෙනකු නාවලපිටිය රෝහලට රැගෙන විත් ඇති අතර ඉන් 11 දෙනකු නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

වතු කම්කරු කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් හින්දු චාරිත්‍ර අනුව රැගෙන ආ ගිනි අඟුරු දුම් පහන නිසා (කොල්ලි ෂට්‌ටි) මෙම බඹරු ඇවිස්‌සී ඇති අතර බඹරුන්ගේ පහරදීම නිසා අවසන් කටයුතු පසෙක දමා පිරිස දිව ගොස්‌ තිබේ.

ගම්පොල - සුරංග දිල්හාන්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment