සමයං ගෙන් පසු 'ඌරුජුවා' කරළියට

පසුගියදා බන්ධනාගාර බස්රියක් තුළදී වෙඩි වැදී ඝාතනයට ලක්වූ රණාලේ සමයං ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ කල්ලියේ තවත් අපරාධකරුවකු වන ඌරුජුවා නමැත්තා දැන් කරළියට පැමිණ ඔහුගේ
අනුප්‍රාප්තිකයෙකු
ලෙස කටයුතු කරන බව වාර්තාවේ.
කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කරමින් කප්පම් මුදල් එකතු කිරීමට ඔහු පටන් ගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
ඌරුජුවාද මේ වන විට බන්ධනාගාරගතව සිටින අතර ඔහු කඩුවෙල, නවගමුව, බෝමිරිය, රණාල ප්‍රදේශවල සිටින ධනවත් පුද්ගලයන්ට දුරකථන මාර්ගයෙන් කියා ඇත්තේ සමයංගේ දෙවැනියා තමා බවයි.
සමයං එම ප්‍රෙද්ශවල මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගත් අයකු වන අතර එම ආදායම අහිමිවීම වැළැක්වීමට එම කල්ලිය ඌරු ජුවා අනුප්‍රාප්තිකයෙකු ලෙස නම් කර පෙර පුරුදු කටයුතු අරඹා ඇතැයි වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment