මහින්ද විතරක් නෙමේ මගේ පියාත් කේන්දර කාරයින්ගෙ ලණු කෑවා - සජිත්


 නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා  තිස්සමහාරාමයේදී මෙම අදහස් පළ කළේය.

‘අද බොහෝ දෙනා බෞද්ධකම ගැන, සම්බුද්ධ ශාසනය ගැන කතාබහ කරනවා. තවත් පැත්තකින් බෞද්ධාගමට වින කරන පිරිසක්ද අපේ රටේ ජීවත් වන බව අප දන්නවා. ඒ පිරිස තුළ සිටින ප්‍රධාන කොටස්කරුවන් ලෙස ඇතැම් ජ්‍යොතිෂවේදීන් අපට හඳුන්වා දීමට පුළුවන්. වාණිජකරණයට ලක්වූ මේ
ජ්‍යොතිෂවේදීන් පසුගිය දිනක අනාවැකියක් ඉදිරිපත් කළා. ඒ හරහා රටේ බෞද්ධ ජනයා බිය වී පොසොන් කලාපවලට සහභාගි වීමට තිබූ අවස්ථාවද නැති කර ගත්තා.
ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඉතා වැදගත් වූ ශාස්ත්‍රයක් සේම අප ගරු කළ යුතු ශාස්ත්‍රයක්. එය නිර්ව්‍යාජව භාවිත කළ යුතු වනවා. නමුත් මෙම ගෞරවනීය
ශාස්ත්‍රය අද වන විට විශාල වශයෙන් වාණිජකරණයට ලක්ව තිබෙනවා. එය කොතරම්ද කිවහොත් ජංගම දුරකතන කෙටි පණිවුඩ සේවා හරහාද අනාවැකි කියන තත්ත්වයක් අද බිහි වී තිබෙනවා. හිටපු ජනපතිත් මේ අයගෙ ලණු කෑවා.
එසේම සමහර අවස්ථාවලදී මගේ පියාත් ජ්‍යොතිෂවේදීන්ගේ ලණු කෑ බව මා මේ මොහොතේදී ඔබට ප්‍රකාශ කරනවා. මේක තමයි සත්‍යය.
මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය මනාව අවබෝධ කරගෙන නිර්ව්‍යාජව, පිරිසුදුව, ගෞරවනීයව ඉටු කළ යුතුයි. මෙම ශාස්ත්‍රය අප රැක ගත යුතු බවද මා ප්‍රකාශ කරනවා. මුදලට මෙම ශාස්ත්‍රය පාවාදී බොරු අනාවැකි නිර්මාණය කොට සම්බුද්ධ ශාසනයට හානි සිදු කිරීමත් ඉතාම නින්දිතයි. ප්‍රසිද්ධිය සහ මුදල් ලබා ගැනීම උදෙසා ඇතැම් ජ්‍යොතිෂවේදීන් "ජුනි 7 සහ 8 දෙදින ඉතා භයානකයි. එම නිසා නිවෙසින් පිට කොහේවත් යන්න එපා" යනුවෙන් පසුගියදා අනාවැකියක් ප්‍රකාශ කළා. ඉන් සිදු වූයේ රටේ පොසොන් කලාපවලට බෞද්ධ බැතිමතුන් සහභාගි නොවීමයි. මේ තුළින් වාසිය ලබා ගත්තේ ඇතැම් ජ්‍යොතිෂවේදීන් පමණයි. ඉන් විපතට පත් වන්නේ සම්බුද්ධ ශාසනයයි.‘

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment