සිම්බාබ්වේ සංචාරය කටේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ගෙදර ගිහින්

එක්දින තරග 05ක් හා එක් ටෙස්ට් තරගයක් සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන 26 වැනිදා
දිවයිනට පැමිණීමට නියමිතව
තිබියදී එයට දින 10ක් තිබියදී 16 වනදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා නිවාඩුවක් සඳහා සිය රට (දකුණු අප්‍රිකාව) බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ.

මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ටද සතියක නිවාඩු කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.
ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පෞද්ගලික පුහුණුවීම් අඛණ්ඩව සිදුකරගෙන යන්නැයි උපදෙස් පමණක් ලැබී ඇත.
පසුගිය සතියේ ක්‍රීඩා ඇමතිවරයාද ක්‍රීඩකයින්ගේ පුහුණුව සම්බන්ධයෙන් විවේචන කර තිබීයදී කරුණු මෙසේ සිදුව ඇත්තේ ඔහුද දැනුවත්වයි.
කෙසේ වෙතත් මෙවැනි සංචාරයක් තිබියදී පුහුණුකරුවාට හා ක්‍රීඩකයන්ට නිවාඩු ලබාදීම දැඩි පසුබෑමක පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත සංචාර කෙරෙහි අයහපත්ව බලපානු ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment