තැපැල් ඡන්දයට ලක්ෂ 05 ක්

තැපැල් ඡන්දයට ලක්ෂ 05 ක්

තැපැල් ඡන්දය ස ඳහා අයදුම් කිරීමට පසුගිය දෙසැම්බර් 22 වැනිදා දක්වා කාලය ලබා දී තිබූ අතර එම කාලය තුළදී තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයන්ගෙන් ලක්ෂ 05 කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබාගෙන තිබේ.
මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධව සිටින මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් රාජ්‍ය සේවකයන්ට ජනවාරි 22 වැනිදා තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති අතර සෙසු රාජ්‍ය සේවකයන්ට ජනවාරි 25 සහ 26 දෙදින තුළ ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව හිමි වේ.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment