වසර 8ක් වසා දමා තිබූ පුදුකුඩිඉරිප්පු- වට්ටාපලෙයි මාර්ගය විවෘත කෙරේ!

වසර 8ක් වසා දමා තිබූ පුදුකුඩිඉරිප්පු- වට්ටාපලෙයි මාර්ගය විවෘත කෙරේ!

 

යුද්ධ හමුදාව විසින් පරිහරණය කල ඉඩම් අක්කර 133.34 ක ප‍්‍රමාණයක් නැවත සිවිල් ජනතාවට ලබාදීමෙන් අනතුරුව, මෙතෙක් කඳවුරට පමණක් සීමා වී තිබූ පුදුකුඩිඉරිප්පු වට්ටප්පෙලෙයි මාර්ගයේ කි. මි. 02 ක ප‍්‍රමාණය නැවත සිවිල් වැසියන්ගේ ගමනාගමන කටයුතු සදහා එසේ විවෘත විය.

යුද්දයෙන් පසුව ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමට හා ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්වනතුරු පුදුකුඩිඉිරිප්පු හා වට්ටාපලෙයි මාර්ගය දමා තිබුණි.

මේ අතර කේපාපිලව්හි හමුදාව විසින් නැවත ජනතාවට ලබාදුන් ඉඩමක ඇති කොටිටඩි පුල්ලයාර් කෝවිලෙහි කිරි බතක් පිළියෙල කර නව වසරට ආසිරි පැතීම සිදුවිය. මෙම ආශිර්වාද පූජාව විග්නේෂ්වරම් පුජකතුමා විසින් සිදුකළේය.

රොමේෂ් මදුසංක

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment