බ්‍රිගේඩියර් ප්‍රියංකට රජයෙන් කැඳවීමක්- අද ලංකාවට

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක. ප්‍රනාන්දු මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද (21 වැනිදා) යළි ශ්‍රී ලංකාවට පැමිණෙයි.
නිදහස්‌ දිනය යෙදුණු ඉකුත්

පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් පැවැත්වූ නිදහස්‌ සමරු උත්සවයට විරෝධය දක්‌වමින් කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දියත් කළ උද්ඝෝෂණයේදී ඔවුන්ට කළ ඉඟි කිරීමක්‌ හේතුවෙන් තමන්ට එරෙහිව මතුවූ ආන්දොලනාත්මක තත්ත්වයකට මුහුණ දීමට ඔහුට සිදු විය.

එහිදී වහාම ඔහුගේ සේවය අවසන් කර යළි ශ්‍රී ලංකාවට කැඳවීමට විදේශ ඇමැතිවරයා කටයුතු කළද පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයේ පිහිටුවීම ට කටයුතු කෙරිණි.

කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවට කළ ඉඟියෙන් බ්‍රිගේඩියර්වරයා මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් බ්‍රිතාන්‍යයේ ජෝන් රයන්, සිමෝන් මැක්‌ඩොනා සහ පෝල් ස්‌කලී යන කොටි හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරියෝ දෙමළ ඩයස්‌පෝරාව සමඟ එක්‌ව චෝදනා එල්ල කරන්නටද වූහ.

ඔවුන් එසේ සඳහන් කළද පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක්‌ කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අදාළ ඉඟි කිරීමෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදා නිලධාරියකු ලෙස වරදක්‌ සිදුකර නොමැති බව අවධාරණය කරනු ලැබීය.

මෙම සිද්ධිය ක්‍රමයෙන් යටපත් වෙමින් තිබියදී ඉකුත් සතියේ යළිත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ කොටි හිතවාදීන් පසුව බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්‌ඩල කාර්යාලය වෙත පැමිණිල්ලක්‌ කිරීමටද ක්‍රියා කර තිබිණි.

ඔහු ලංකාවට කැඳවීමට හේතුව තවම පැහැදිලි කර නොමැති අතර නැවත ඔහු එරට සේවයේ දිගටම යොදවන්නේද නැත්ද යන්න ගැන වෙනසක් ඇතැයිද වාර්තා නොවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment