වාද භේද නෑ - තිසර මහමදුල්ලා යළී එක්වේ


පකිස්තාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ එකම කණ්ඩායමක් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා හා බංගලිදේශයේ මහමදුල්ලා එකගවී තිබේ. ඒ අනුව ඉදිරි දින කීපය තුළ ඔවුන් දෙදෙනා යළි
පාකිස්තාන තරගාවලියේදී

එකම කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට නියමිත බව විදෙස් වාර්තතා සඳහන් කළේය.
පසුගිය 16 වැනිදා නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේදී අවසන් පන්දුවාරයේ ඇති කරගත් මත ගැටුමක් දුර දිග යාම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන්ට දඬුවම් පැමිණවීමටද ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව කටයුතු කළේය. නමුත් එම දඬුවම ප්‍රමාණවත් නොවන බවට මත පළවූ අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඔවුන් රැදී සිටි කාමරයේ වීදුරු දොර බිදීමටද බංග්ලාදේශ ක්‍රීඩකයන් කටයුතු කර තිබුණි.
 තිසර පෙරේරා හා මහමුදුල්ලා පාකිස්තානු තරගාවලියේදී එකම කන්ඩායමකට ක්‍රීඩා කිරීමට එකගවී ඇත්තේ මේ පසුබිම තුළයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment