ඩඩ්ලිගේ බිරිඳගේ අවමඟුලට බැසිල් ඇමරිකාවට යයි

ඩඩ්ලිගේ බිරිඳගේ අවමඟුලට බැසිල් ඇමරිකාවට යයි

 

එහෙත් බැසිල් රාජපක්ෂගේ විදෙස් ගත වීමේ සැබෑ හේතුව වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අප්‍රසාදය පළ කිරීමය. මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට බැසිල් රාජපක්ෂ දැඩිව විරෝධය පළ කර ඇත. ඔහුගේ අදහස වී ඇත්තේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටීම පොදුජන පෙරමුණේ දේශපාලනයට වඩා හිතකර බවය. රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වඩා ශක්තිමත් වන බව බැසිල්ගේ මතය වී ඇත. එහෙත් පොදුජන පෙරමුණේ ජාතිවාදී පාර්ශ්වය වන දිනේශ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස බැසිල්ගේ අදහසට එරෙහිව යමින් විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දී ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන් ම පරාජයට පත්වන බව මහින්ද රාජපක්ෂ මහතාගේ ද අදහස වී තිබේ. ඔහු කථානායකවරයාට ඉදිරිපත් කළ යෝජනාවට අත්සන් තබා ද නැත. විශ්වාසභංගයට පක්ෂව ලබාගත හැක්කේ ඡන්ද අනූ ගණනක් පමණක් බවට ඔහුගේ කත්සේරුව වී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment