එජාප ප්‍රතිසංවිධානය අප්‍රේල් 30 ට පෙර

එජාප ප්‍රතිසංවිධානය අප්‍රේල් 30 ට පෙර
පක්ෂය පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානය කොට ඉදිරි පළාත් සභා මැතිවරණයට හා සෙසු මැතිවරණ සඳහා ශක්තිමත්ව මුහුණ දීමට හැකි වන පරිදි පක්ෂය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අගමැතිවරයා පවසා ඇත. පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අප්‍රේල් 30 වැනිදාට පෙර පත්කිරීමට නියමිත අතර ඊට පෙර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අදහස් විමසීමටත් කටයුතු කරන බව වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.
 
මෙම කටයුතු වෙනුවෙන් එළඹෙන 07 හා 08 යන දෙදින තුළ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ජා වට දෙකක් කැඳවා ඇති අතර එම රැස්වීම් වලදී පක්ෂයේ සියළුම ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව අවසන් තීරණ ගැනීමට නියමිත බව සඳහන්. එකී ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා කම්ටුවක්ද පත්කෙරෙනු ඇති. එම කමිටුව පත්කිරීම පිළිබඳව පක්ෂයේ සභාපති,මහලේකම් හා භාණ්ඩාගාරික සමඟ සාකච්ජා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරු දැනුවත් කිරීමට කටයුතු කරන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත.
 
ආශිකා බ්‍රාහ්මණ  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment