අද බොහෝ දෙනෙක් බේරිලා ඉන්නෙ එජාපය නිසා, රනිල්ට විරුද්ධ වන අයගෙ ජාතකය ප්‍රශ්නයක් - හිටපු ඇමති මර්වින්

අද බොහෝ දෙනෙක් බේරිලා ඉන්නෙ එජාපය නිසා, රනිල්ට විරුද්ධ වන අයගෙ ජාතකය ප්‍රශ්නයක් - හිටපු ඇමති මර්වින්
වත්මන් යහපාලන ආණ්ඩුව ගොඩනැගීම පිටුපස සිටින මහා බලවේගය රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රකාශ කළ මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ අගමැතිවරයා ඉවත් කිරීම යනු යහපාලනයේ අවසානය බවයි.
 
අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවත් එජාපයට අගමැතිවරයා ප්‍රශ්නයක් නොවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයට එය ප්‍රශ්නයක් වීමට හැකියාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. තමන් කලෙකට පෙර එක්සත් ජාතික පක්ෂය මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ද විවේචනය කළ නමුත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බව ද හිටපු ඇමතිවරයා පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment