පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා

ම පුත්‍රයා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණිය නිවසේදි අපයෝජනය කළ පියෙකු සම්බන්ධ පුවතක් බුත්තලින් වාර්තාවේ. දහ නව හැවිරිදි වියේ පසුවූ මෙම රූමත් තරුණිය විවාහවීමට පෙරාතුව සිටම මේ කියන පුතා සහ පියා සිටි නිවසට  කැන්දාගෙන ඇවිත්
තිබූ අතර ඇය නීත්‍යානුකූලව විවාහ වීමේ අපේක්ෂාවෙන් නිවසේ නතරවී සිට තිබේ. කුලී වැඩ වලින් ජීවිකාව කරගෙන සිටි පුත්‍රයා නිවසේ නැති වේලාවක් බලා
පියා විසින් බලහත්කාරයෙන් මෙම තරුණිය අපයෝජනය කිරීමට උත්සාහ දරා ඇත.

පුතා එදින දවස පුරාම නිවසේ නැති නිසා කල් ඇතිව සැලසුම් කර

තිබූ පරිදි නිවසේ විසූ අනෙක් අයවද විවිධ කටයුතු යෙදූ පියා තරුනිය සිටි කාමරයට පැමිණ දොර වසාගෙන ඇයව අපයෝජනයට උත්සාහ දරා තිබේ. පසුව තරුණිය කෑ ගසා ඇති අතර ගම්වාසීන් පැමිණ ඇයව බේරාගන්නට එළියේ සිට වෙහෙස ගෙන ඇත.

බුත්තල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය නිවස වටළා බැලීමේදී සැකකරු තරුණියව අපයෝජනය කර ඇති අයුරුත් ඇය ඉකිගසමින් සිටි අයුරුත් දැකගන්නට ලැබී ඇත. පොලිසිය විසින් 48 හැවිරිදි වියේ පසුවූ පියා අත්අඩංගුවට ගන්නා ලද්දේ එම අවස්ථාවේදීය.
අපයෝජනයට පත් තරුණිය රෝහල් ගත කර ඇත. අපයෝජකයාගේ පුතා සමග තමා නීත්‍යානුකූලව විවාහ වී සිට නොමැති බවත් ඉදිරියේදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි බවත් තරුණිය පවසා ඇත. හැටන් ප්‍රදේශයේ පදිංචි තමා තමාගේ මවුපියන්ගෙ කැමත්ත මත  මෙම
තරුණයාගේ නිවසේ පදිංචියට පැමිණි බවද ඇය හෙළි කර ඇත.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුත්තල පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment