රුපියල පහලයාමට හේතුව ඇමෙරිකාවේ ප්‍රශ්නයක් -හර්ෂ



ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහලයාමට බලපා ඇති ප්‍රධාන හේතුව ඇමෙරිකාවේ පොලී අනුපාතය ඉහළයාම බව හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ

මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 7.7කින් අවප්‍රමාණය වී ඇති බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රුපියල අවප්‍රමාණයවිම වැලැක්විම සඳහා ආණ්ඩුව මැදිහත්ව කටයුතු කළ යුතු බව ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් රුපියල අවප්‍රමාණය වීම කෘතිමව වැලැක්විම අනාගතයේදි වඩා අහිතකර ප්‍රතිඵල ගෙනදෙන්නක් විය හැකි බව හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment