අධිකරණය විමල්ට ගෙවන්න කිව්වේ මිලියන 10 ක් නෙමෙයි මිලියන 1 යිලු



පසුගියදා වාණිජ මහාධිකරණය මගින් කර්තෘ හිමිකම් උල්ලංඝනයක් නිසා ‘නැත්ත වෙනුවට ඇත්ත‘ කෘතියේ රචක විමල් වීරවංශ ග්‍රන්ථ කර්තෘවරයා වරදකරු බවට පත් කළ පසුව
ඔහුට ගෙවීමට යයි දන්වා සිටි

වන්දි මුදල රුපියල් මිලියන 1 ක් හෙවත් ලක්ෂ 10 ක් බව ජාතික නිදහස් පෙරමුණ දන්වා සිටී.

බොහෝ මාධ්‍ය මගින් එම අගය රුපියල් මිලියන 10 ක් හෙවත් කෝටියක් ආදී ලෙස වාර්තා කිරීම දෝෂ සහගත බවත් නියම වන්දි මුදල රුපියල් ලක්ෂ 10 හෙවත් මිලියන 1 බව ඔවුන් දන්වා සිටී.

අධිකරණයේ ඒ බව සඳහන් ලේඛනයද මාධ්‍ය වෙත යොමු කර ඇති ජාතික නිදහස් පෙරමුණ එය නිවැරදි කරන ලෙස ඉල්ලා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment