බාත් පරපුරෙන් මතුවූ හින්දි නිළිය ආලියා බාත්

දැනට හින්දි සිනමාවේ ළාබාල සහ වැඩිම ආදායම් උපයන නිළියන් අතර ප්‍රමුඛ ස්ථානයේ සිටින නිළියක වන්නේ 25 හැවිරිදි ආලියා බාත්ය. වයස 19 සිට සිනමා ජීවිතය ඇරඹූ ඇය චිත්‍රපට නිෂ්පාදක මහේෂ් බාත්ගේ දෙවැනි කසාදයේ දරුවෙකි. ආලියාගේ
සීයා නනාබි බාත්ද චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.
මහේෂ් බාත්ගේ පළමු කසාදයේ දියණියක වන පූජා බාත්ද අනූව දශකයේ ජනප්‍රිය නිළියක වූවාය. මහේෂ් දෙවැනිවර විවාහ වූයේ

ජර්මානු සම්භවය ඇති එංගලන්තයේ වාසය කළ සොනි රස්ඩාන් නමැති ඉන්දීය නිළියක සමගිනි. ආලියාගේ මව වන්නේ ඇයයි. සොනි රස්ඩාන්ට ආලියා මෙන්ම තවත් දියණියක සිටී. ශහීන් බාත් නමැති ඇය සිනමා අධ්‍යක්ෂණය විෂය කරගත් අයෙකි. ආලියාටද බ්‍රිතාන්‍ය පුරවැසිකම හිමිය.
මේ අනුව පූජා බාත් ආලියාගේ අර්ධ වැඩිමල් සොයුරියද වන්නීය.
 පියාගේ අනුදැනුම ඇතිව රංගනයට පිවිස කෙටි කලකින් දක්ෂතා පෙන්වූ ආලියා මේ වනවිට හොඳම නිළිය ඇතුළු සිනමා සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇත.ඇය ගායිකාවක ලෙසද දස්කම් දක්වන්නියකි.















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment