විමල් බිරිය ශෂීගේ පාස්පොට් නඩුවට සාක්ෂි දෙන්නැයි ටිල්වින්ට-හදුන්නෙත්තිට සිතාසි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබේ.
කූට ලේඛන

ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා ඔවුන්ට අද(14) සිතාසි  නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය  දැනුම් දී ඇත්තේ ඔවුන් ලබන 06 වන දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.

සහකාර රෙජිස්ටාර් ජනරාල් සුමතිපාල හෙට්ටිආරච්චි මහතාගේ සාක්ෂි  විභාගය  අද අවසන් කර තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment