රැජිණිකාන්ත්ගෙ ‘පෙට්ටා‘ බලන්න ආ වවුනියා තරුණයින් සිනමා ශාලාව ඉදිරිපිට රණ්ඩුකරලා


වවුනියාව නගරයේ සිනමා ශාලාවක චිත‍්‍රපටයක් නැරඹීමට පැමිණි පිරිසක් හා සිනමා ශාලාවේ සේවකයින් අතර 11 දා රාත‍්‍රියේ ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේම තුන් දෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට
ඇතුළත් කොට තිබේ.

වවුනියාව නගරයේ පිහිටි වසන්ති සිනමා ශාලාවේ දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර් රංගනයෙන් දායක වන ''විශ්වාසම්'' නමැති සිනමාපටයේ පළමු ප‍්‍රදර්ශනය නැරඹීමට ප‍්‍රවේශපත් ලබා ගැනීමේදී තරුණයින් අතර මුලින්ම ගැටුමක් හටගෙන තිබේ.

මේ ගැටුමට සිනමා ශාලාවේ සේවකයින්ද මැදිහත් වීමෙන් පසුව ගැටුම පාර්ශ්වයන් තුනකට බෙදෙන තත්වයකට පත්වී ඔවුනොවුන් එකිනෙකාට සිනමා ශාලාවේ කොරිඩෝව තුළත් ඉන් පසුව සිනමා ශාලාව ඉදිරි පිට මාර්ගයේත් ගුටි බැට හුවමාරු කරගෙන තිබේ.

ගැටුම විශාල ලෙස උග‍්‍ර වූ අතර තරුණයින් කීප දෙනෙකුම බිම පෙරළා ගෙන පහර දෙන තත්වයටම ගැටුම උග‍්‍ර වී තිබේ.

දකුණු ඉන්දීය සිනමා පට නැරඹීම වෙනුවෙන් උතුරේ තරුණයින් දැඩි රුචිකත්වයක් දක්වන අතර,දකුණු ඉන්දියාවේ තරමටම සිනමා උන්මාදයක් උතුරේ තරුණයින් අතර පවති.

දකුණු ඉන්දීය සිනමා තරු වන විජේ,අජිත් කුමාර් හා රැජිනිකාන්ත් රඟන පෙට්ටා සිනමාපටයේ පළමු ප‍්‍රදර්ශන නැරඹීම වෙනුවෙන් සිනමාශාලා අසළ දැඩි තදබදයක් පවති.

මේ සිද්ධිය පිළිබදව සිනමා ශාලාවේ කලමනාකරු වවුනියාව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

-දිනසේන රතුගමගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment