ලංකාවේ කාන්තාවන් 90% කට බස් රථ තුල ලිංගික හිරිහැර

මෙරට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ගැහැනු ළමයිගෙන් සහ කාන්තාවගෙන් සියයට 90ක් ලිංගික හිංසනයන්ට මුහුණ දී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන්නේ ඔවුන් අතරින් සියයට
4ක් පමණක් බවත් එක්සත් ජාතීන්ගේ
ජනගහන අරමුදල පවසයි. එම අරමුදල මෙරට කළ ජාතික අධ්‍යයනයකින් මෙම තොරතුරු හෙළි වී තිබේ. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ මහ නගර සභාව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප  සංවර්ධනය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් "ඇය සුරැකි ගමනකද?" මැයෙන් පසුගියදා 02 වැනිදා මහජන ප්‍රදර්ශනයක් විවෘත කෙරිණි.

එහිදී කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවේ කොළඹ නගරය කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට සුරක්ෂිත ස්ථානයක් කරනු පිණිස ක්‍රියාත්මක කරන මෙවැනි ව්‍යාපෘති සදහා කාන්තාවගේ සහභාගිත්වය ඉතා වැදගත් වන බවයි. ඡායාරූප හා විඩියෝ ඇතුළත් එම ප්‍රදර්ශනය ලබන 8 වැනිදා දක්වා පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා කොළඹ නගර සභා පිටියේදී පැවැත්වේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment