
මේ සම්බන්ධයෙන් පළාත් සභාවේ සාමාජිකයන් 19 දෙනෙකුගෙන් සමන්විත අනුකමිටුවක් පසුගියදා සකස් කරනු ලැබුවා.
එහි ප්‍රධානත්වය දරන්නේ මහඇමති විග්නේෂ්වරන් විසින්.
අදාළ කමිටුව ඊයේ (31) රැස්වී ඇති අතර දේශපාලන විසඳුම් සම්බන්ධයෙන් සකස් කරන යෝජනාවලිය ලබන 7 වනදා පළාත් සභාව වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඉන් අනතුරුව එය දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.
අදාළ යෝජනාවලිය මගින් මෙරට දෙමළ ජනතාවට හිමිවිය යුතු දේශපාලන විසඳුම සම්බන්ධයෙන් පුළුල් ලෙස කරුණු ඉදිරිපත් කරන බවයි ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසන්නේ.
එහිදී මෙරට දෙමළ ජනතාවගේ ඉතිහාසය, අවශ්‍යතාවන් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසීමේදී ඉදිරිපත් විය යුතු කරුණු පිළිබදව අදහස් දක්වා ඇති බවයි ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment