දුම් පරික්ෂාවේ ප්‍රමිතියේ වෙනසක්

දුම් පරික්ෂාවේ ප්‍රමිතියේ වෙනසක්

වාහන දුම් පරීක්ෂාවේදී තිබිය යුතු කාබන් මෙනොක්සයිඩ් වායු ප්‍රතිශතය පරිසර අමාත්‍යංශයේ උපදෙස් පරිදි 6% සිට 4% දක්වා අඩුකර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වායු විමෝචන වැඩසටහනේ උසස් නිළධාරියෙකු පැවසීය.

ඒ අනුව නව ප්‍රමිතිය පසුගිය මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බවද ඔහු කියාසිටියේය.

දුම් පරීක්ෂණ මධ්‍යස්ථානවලදී සිදුකෙරෙන වායු විමෝචන වැඩසටහන යටතේ මෝටර් රථවලට එම ප්‍රමිතිය 4 සිට 3 දක්වාත් හයිඩ්‍රෝ කාබන් ප්‍රමාණය මිලියනයකට කොටස් 1200 සිට 1000 දක්වාත් අඩුකර තිබේ.

ඩීසල් රථ සඳහා කාබන් මෙනොක්සයිඩ් වායු ප්‍රතිශතය 8% සිට 4% දක්වාත් අඩුකර ඇත.

පරිසර හානිය අවම කරගැනීමට 2013 වසරේදී ප්‍රකාශයට පත්කළ මෙම ප්‍රමිතීන් 2005 වසර දක්වා ක්‍රියාත්මක නොවීම නිසා නැවතත් එය ගැසට් පත්‍රයේ පළකිරීමට සිදුවූ බවද එම නිලධාරියා පැවසීය.

එදින සිට වසර 08ක් පුරා 6% ප්‍රමිතිය ක්‍රියාත්මක වූ අතර පසුගිය මස 15 වනදා සිට එය 4% දක්වා යළි අඩු කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් නව ප්‍රමිතීන්ට අනුව දුම් පරීක්ෂා කිරීමේදී දුම් පරීක්ෂණයෙන් අසමත් වන සංඛ්‍යාව 15% සිට 30% දක්වා වැඩිවී ඇතැයි ‍හෙළිවී ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget