රාජපක්ෂලාගේ නඩු අහන්න වෙනම උසාවි දෙකක්.


පසුගිය රජයේ රාජපක්‍ෂවරුන්ට අදාළව නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණ දෙකක් පිහිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) දහවල් පැවැති සාකච්ඡාවකදී එම තීරණය ගත් බව ද හෙතෙම කීය. එම විශේෂ අධිකරණය මඟින් පසුගිය පාලන සමයේම අදාළ දූෂණ, වංචා ඇතුළු අපරාධ පිළිබඳ නඩු ඇසීම කඩිනම් කරන බව ද ඊයේ (15දා) විහාර මහා දේවි උද්‍යානයේ දී පැවැති "අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ" සත්‍යග්‍රහයට සහභාගි වෙමින් ඔහු එම අදහස් දැක්වීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget