ජන කථා සාහිත්‍ය තුළ මහදැන මුත්තා කථා පුවත් ඉතා ජනප්‍රිය ඒවාය. එහි එන එක් කතාවක් සිහි ගැන්වෙන ඡායාරූප පෙළක් මේ දිනවල අන්තර් ජාලයේ සැරිසරමින් තිබේ.එසේ සිහි ගැන්වෙන්නේ මහදැන මුත්තාගේ කතා මාලාවේ ඇති මුට්ටියකට ඔළුව ඔබාගත් එළුවෙකු බේරා ගැනීමට ගිය මහදැන මුත්තා කළ හරියය. එහිදී මහදැන මුත්තාගෙන් එම ගැටලුවට මැදිවූ අය ඉල්ලා සිටියේ එළුවා හා මුට්ටිය යන දෙකම බේරා ගැනීමට උපදෙස්ය.
කෙසේවුවද, මහදැන මුත්තාගේ උපදෙස් අනුව එළුවාගේ ගෙල කපා එළුවාද මරා දැමුණු අතර එළුවාගේ ඔළුව එළියට ගැනීමට මුට්ටිය ද බිඳ දමුවේය. සමාජ වෙබ් අඩවිවල දැක්වෙන කතාවට අනුව මෙහි එළුවා වෙනුවට සිටින්නේ බල්ලෙකි.
මුට්ටිය වෙනුවට ඇත්තේ මොටර් රථයක රිම් එකකි. මේ අවුල විසඳුව ආකාරය පහත ඡායාරූප වලින් අවබෝධ කර ගත හැකිය.






0 comments :
Post a Comment