ඇස් පනාපිටම මහ දවල් දෙමහල් නිවසක් නාය ගියපු හැටි - වීඩියෝව බලන්න

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්වයන් සහ නාය යෑමේ අවධානමක් පවතින බව අනතුරු හඟවනවා. මේ නිසා ඒ පිළිබදව අවදානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කැළණි  ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා රුවන්වැල්ල දැරණියගල යන ප්‍රදේශවලට සැලකිය යුතු ගං වතුර මට්ටමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම කොළඹ - දෙකටන මාර්ගය මල්වාන ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් යට වී තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස පහත් බිම් රැසක් පවතින අධික වර්ෂාවත් සමඟ යට වී තිබෙනවා. මේ අතර කොළඹට ඇතුළු වන මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පහත දැක්වෙන්නේ පසුගිය වසරක එක්තරා අවස්ථාවක දෙමහල් නිවසක් නාය ගිය හැටි... පහතින් එම වීඩියෝව බලන්න.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget